යුපුන් අබේකෝන් ඔලිම්පික් සිහිනයට තවත් ළං වෙයි

යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගීවෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත්වුණා.

සුළඟේ වේගය +2.2 ලෙස සටහන් වීම හේතුවෙන්  මෙය ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සැලකෙන්නේ නැහැ.

මෙය ඕනෑම තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු දැක්වූ වේගවත්ම කාලය ද වනවා.

යුපුන්ගේ ඉලක්කය තත්පර 10.05 ක් වූ ඔලිම්පික් පරිසාධන මට්ටම පසුකරමින් ටෝකියෝ නුවර මෙවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමයි.

යුපුන් මීට පෙර ඉතාලියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර 100 ධාවන ඉසව්ව තත්පර 10.15 කින් නිම කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »