Search

ඇස්ට්‍රාසෙනෙකා සම්බන්ධ රුධිර කැටි ගැසීමකින් පසු දකුණු ඕස්ට්‍රේලියා පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ

ඇස්ට්‍රාසෙනෙකා COVID-19 එන්නත හා සම්බන්ධ රුධිර කැටි ගැසීමකින් පසු දකුණු ඕස්ට්‍රේලියා පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයේ බරපතල තත්වයක සිටී.

ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්ය Nicola Spurrier කියා සිටියේ මෙය ප්‍රාන්තයේ thrombocytopenia syndrome (TTS) සමඟ ඇති පළමු thrombosis රෝගය වන අතර එය එන්නත හා සම්බන්ධ යැයි විශ්වාස කරන බවයි.

Therapeutic Goods Administration (TGA) බ්‍රහස්පතින්දා සනාථ කළේ අඩු රුධිර පට්ටිකා සහිත රුධිර කැටි ගැසීම් 6 ක් (TTS) ලෙස තක්සේරු කර ඇති අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමඟ සම්බන්ධ වීමට ඉඩ ඇති බවයි.

53 හැවිරිදි අදාළ පුද්ගලයාට පළමු වරට එන්නත ලබා දුන්නේ මැයි 4 වනදා වන අතර දැඩි උදර වේදනාවකින් මැයි 18 වන දින රෝහල් ගත කරනු ලැබීය.

අවාසනාවකට මෙන්, ඔහු දැඩි සත්කාර ඒකකයේ ඉතා බරපතළ තත්වයක පසුවන බව මහාචාර්ය Nicola Spurrier කියා සිටියේ ය.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් පසුව TTS ලෙස රෝගීන් 24 ක් වාර්තා විය.

මේ වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව මිලියන 2.1 ක් පමණ ලබා දී ඇත.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »