
අද ඉදිරිපත් වූ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණයට අනුව 2020-21 මූල්‍ය වර්ෂයට අනුව ඩොලර් මිලියන 17.4 ක දැවැන්ත අලාභයක් වාර්තා කර ඇත.
2025 දක්වා මෙම තත්වය පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණයට ඇතුළත් සුවිශේෂී කරුණු කිහිපයක් –

පොදු ප්‍රවාහනය – නව දුම්රිය මාර්ග පද්ධතියක් වෙනුවෙන් ඩොලර් බිලියන 3.2 ක්
පාසල් – නව පාසල් 13 ක් ඉදි කිරීමට සහ 52 ක් අලුත්වැඩියා කිරීමට ඩොලර් බිලියන 1.6 ක්

සෞඛ්‍ය – නව රෝහල් ඉදි කිරීම ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීමට ඩොලර් බිලියන 8.3 ක් / Craigieburn, Cranbourne, Pakenham, Phillip Island, Sunbury, Torquay, Mernda, Eltham, Point Cook and Melbourne’s inner-south ප්‍රදේශවල ප්‍රාදේශීය රෝහල් ඉදි කෙරේ / ෆයිසර් හා මොඩර්නා එන්නත් මිළදී ගැනීමට ඩොලර් මිලියන 50 ක්
නව දඩ – First level speeding දඩය ජූලි 01 දා සිට දැනට පවතින ඩොලර් 20 – ඩොලර් 227 දක්වා ඉහළ නැංවේ / රිය ධාවනය අතරතුර දුරකථන භාවිතයට අදාළ දඩය ඩොලර් 545 දක්වා ඉහළ දැමේ.