විදෙස් සිසුන්ට ඔස්ටේ්‍රලියාවට එන්න තවත් කල් යයි – දැනට සිටින අයට අයවැයෙන් ප්‍රතිලාභ රැසක්

අද ඉදිරිපත් කෙරුණු ඔස්ටේ්‍රලියා අය වැයේ ප්‍රධාන අවධානයක් යොමුවූ ක්ෂේත්‍රයක් වන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය අධ්‍යාපනයයි.

2022 වසර වන තෙක් රටේ දේශසීමා වසා තැබීම හමුවේ රට තුළට අලුතින් විදෙස් සිසුන් රට තුළට පැමිණීය ඉතාම අල්ප වනු ඇති.

ඒ අනුව දැනට රට තුළ සිටින සිසුන්ට අමතරව රැකියා කිරීම සඳහා මෙවර අයවැයෙන් යෝජනා වුණා.

hospitality සහ tourism ක්ෂේත්‍රවල සිටින අර්ධකාලීන රැකියා කරන සිසුන්ට සතියකට වැඩ කල හැකි පැය 20 සීමාව ඉවත් වනවා.

කෘෂිකර්ම – සෞඛ්‍ය සහ සාත්තු සේවා අංශවල රැකියා කරන සිසුන්ටද ඒ හා සමාන ප්‍රතිලාභයක් අත්වනු ඇති.

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත වෙත ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම ආරම්භ කිරීමේදී ඉතා කුඩා කණ්ඩායම් ලෙස සිසුන් ගෙන්වා ගැනීමටයි අයවැයෙන් යෝජනා වූයේ.

මෙම වසරේ ජූනි වනවිට සංක්‍රමණිකයන් ඔස්ටේ්‍රලියාවට පැමිණීම 97000 කින් පමණ අඩු වනු ඇති බවයි අයවැය කථාවේ දැක්වුණේ.

පැවති තත්වයට සංක්‍රමණිකයන් පැමිණීම යථා තත්වයට පත්වීමට 2025 වසර දක්වා කල් ගතවනු ඇති බවටද අනාවැකි පළවුණා.

සති අන්තයට සූදානම් වන මෙල්බන් ජනතාවට කාලගුණයෙන් දැනුම්දීමක්

මෙල්බන් ඇතුලු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකට පවතින දැඩි ශීත සහිත කාලගුණික තත්වය මෙම සති අන්තයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කරනවා.

Read More »

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »