සරණාගතයින් බාර ගැනීමේදී ඔස්ටේ්‍රලියාවෙනුත් කැනඩාවට සමාන අනුග්‍රාහක වැඩසටහනක් ???

සරණාගතයින්ව නැවත පදිංචි කරවීම සඳහා කැනඩාව අනුගමනය කරන ආකෘතියක කොටසක් සලකා බැලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.

ඔස්ට්‍රේලියාවට සරණාගතයින් බාර ගැනීමේදී කැනඩාව අනුගමනය කරන community sponsorship හෙවත් ප්‍රජා අනුග්‍රාහකත්වය වැඩසටහනට සමාන ආකාරයේ වැඩසටහනක් අනුගමනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව ඇත.

සරණාගතයින් සඳහා වූ ඔස්ට්‍රේලියාවේ වර්තමාන ක්‍රමය වන “shared cost model” හෙවත් “හවුල් පිරිවැය ආකෘතිය” වෙනස් කිරීමට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Peter Shergold විසින් මීට පෙර සිදුකළ සමාලෝචනයකදී නිර්දේශ කර තිබුණි.

සරණාගත වීසා අයදුම්පත් සඳහා වන ගාස්තුව ඉතා ඉහළ බව Peter Shergold ගේ වාර්තාව කියා සිටියි.

ඔස්ට්‍රේලියාවේ වර්තමාන සරණාගත වැඩසටහන සරණාගතයින්ට අනුග්‍රහය දැක්වීමේ ලෝකයේ වඩාත්ම අකාර්යක්ෂම ආකෘතිය බවද ඔහු පෙන්වා දුන්නේය.

කැනේඩියානු රජයේ සහයෝගය ඇති 40% ක සරණාගතයින්ට වඩා පුද්ගලිකව අනුග්‍රහය දැක්වූ සරණාගතයින් 60% ට තම පළමු වසරේදීම රැකියාවක් සොයාගැනීමට හැකිවී ඇති බව සංක්‍රමණ සේවා සඳහා මධ්‍යම රජයේ සම්බන්ධීකාරක ජනරාල් Alison Larkins පැවසුවාය.

(SBS)

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »