Search

ගුවන් යානයකට ලේසර් කිරණ එල්ල කල 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

සිඩ්නි ගුවන් තොටුපළට ගොඩබැස්වීමට සූදානම් වූ ගුවන් යානයකට කොළ පැහැති ලේසර් කිරණ එල්ල කල 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Bexley හි පිහිටා ඇති සිය නිවසේ පිටුපස සිට ඔහු මෙම කිරණ කදම්බය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

සිඩ්නි ගුවන් තොටුපල ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා තිබීම හමුවේ ලේසර් කිරණ එල්ලවීම ගුවන් යානා වලට දැඩි අසීරුතා එල්ල කර ඇත.

එය වළක්වාලීමට ලේසර් කිරණ එල්ල කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය පසුගියදා දැඩි අනතුරු ඇගවීමක්ද කලේය.

අද අත්අඩංගුවට ගත් තරුණයා බාල අපරාධ වැළැක්වීමේ පණත යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරේ.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »