පළමු වරට ලංකාවේ එක් දිනයක කොවිඩ් රෝගීන් 2,500 පනී

පළමු වරට ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2000 ඉක්මවා වාර්තා වුණා.

එය මේ දක්වා එක් දිනයකදී සටහන්වූ වැඩිම දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවද වනවා.

ඊයේ දිනයේදී රෝගීන් 2672 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ අතර ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 01 ලක්ෂ 25 දහසේ සීමාවද පසුකලා.

එය මේ වනවිට පවතින්නේ එක් ලක්ෂ 25 දහස් 906 ක් ලෙසයි.

දැනට ශ්‍රී ලංකාවෙ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව ද මේ අනුව 20 දහසේ සීමාව ඉක්මවා ගොස් ඇති අතර එය සටහන් වන්නේ 20 දහස් 657 ක් ලෙසයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »