Search

ත්‍රස්ත ක්‍රියා රැසකට සම්බන්ධ සැකකරුවෙකු මෙල්බර්න් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ත්‍රස්ත ක්‍රියා රැසකට සම්බන්ධ සැකකරුවෙකු මෙල්බර්න් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Mohamed Zuhbi නම් මොහු තුර්කියෙන් පිටුවහල් කිරීමෙන් පසු නැවතත් ඔස්ටේ්‍රලියාවට පැමිණීමෙන් පසුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අයි එස් සංවිධානය සමග සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව යටතේ මොහු එරටදී මාස 18 ක සිර දඩුවමකටද ලක්ව තිබුණා.

මෙම තැනැත්තා 2013 දී සිඩ්නි සිට තුර්කිය හරහා සිරියාවට ගොස් එහිදී අයි එස් සංවිධානය සමග ත්‍රස්ත කටයුතුවල නිරතවී තිබුණා.

සිඩ්නි පදිංචිකරුවෙකු වන Mohamed Zuhbi දින 14 ක නිරෝධායනය අවසානයේ මෙල්බර්න් සිට සිඩ්නි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට නියමිතයි.

 

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »