හෙට මධ්‍යම රාත්‍රියේ සිට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ Face-mask භාවිතය අනිවාර්ය නෑ

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ මුව ආවරණ භාවිතය අනිවාර්ය නොකිරීමට තීරණය කර තිබෙනවා.

පොදු ප්‍රවාහනයේදී සහ පුද්ගලයන් 1000 කට වැඩි පිරිසක් සහභාගී වන අවස්ථාවලදී පමණක් එය අනිවාර්ය වනු ඇති.

පර්ත් නගරයේ හෝටලයක ආරක්ෂක නිළධාරියෙකු සහ සමීපතමයන් දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරු කරගැනීමත් සමග බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය තුළ නැවතත් නිරෝධායන රීති බලාත්මක කෙරුණු අතර පර්ත් නගරය දින 03 කට වසා තැබුණා.

දැනට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ එක් කොවිඩ් ආසාධිතයෙකු පමණයි.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »