ඇස්ට්‍රා-සෙනෙකා කොවිඩ් එන්නත ගැනීමෙන් පසු රෝගාතුර වූ පුද්ගලයන් දෙදෙනෙකු ක්වීන්ස්ලන්ඩ් සහ ටස්මේනියා ප්‍රාන්තවල රෝහල්ගත කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලයාගේ තත්වය බරපතල බැවින් ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
66 හැවිරිදි ඔහු දින කිහිපයකට පෙර ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගෙන තිබුණා.
මේ අතර ටස්මේනියා ප්‍රාන්තයේ රෝහලකට 70 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළත් කර ඇත්තේ රුධිර කැටි ගැසීමකට ලක්වීම නිසාවෙනුයි.
මේ අනුව ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගැනීමෙන් පසු ඔස්ටේ්‍රලියාවේ පුද්ගලයන් 05 දෙනෙකු රෝගාතුර වී ඇති අතර ඉන් දෙදෙනෙකු මරණයට පත්වුණා.