පැය 02 ක් ප්‍රතිකාර නොලැබ මිය ගිය 07 හැවිරිදි දැරියගේ පියා සහ මව නිරාහාර උපවාසයක – AusLanka TV – Australian News for the Sri Lankan community

පැය 02 ක් ප්‍රතිකාර නොලැබ මිය ගිය 07 හැවිරිදි දැරියගේ පියා සහ මව නිරාහාර උපවාසයක

පැය 02 ක් ප්‍රතිකාර නොලැබ මිය ගිය 07 හැවිරිදි දැරියගේ පියා සහ මව නිරාහාර උපවාසයක

පැය 02 කට වැඩි කාලයක් පුරා හදිසි ප්‍රතිකාර අංශයේ සිට නිසි ප්‍රතිකාරයක් නොලැබ මිය ගිය 07 හැවිරිදි Aishwarya Aswath දැරියගේ පියා සහ මව විසින් පර්ත් රෝහලක් ඉදිරිපිට නිරාහාර උපවාසයක් ආරම්භ කර තිබේ.

“Fight for justice for Aishwarya.”යනුවෙන් විරෝධතා පුවරුවක්ද රැගෙනයි ඔහු සහ බිරිඳ මෙම උපවාසයේ නිරත වන්නේ.

Aishwarya දැරිය මීට සති 04 කට පෙර පර්ත් ළමා රෝහලට රැගෙන ගොස් තිබුණේ සුලු උණ තත්වයක් හේතුවෙන්.

එහෙත් පැය 02 කට ආසන්න කාලයක් ඇයට අවශ්‍ය ප්‍රතිකාර නොලැබීම හමුවේ අසාධ්‍ය තත්වයට පත්ව මරණයට පත්වී තිබුණා.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අපරාධමය පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා.

COMMENTS