ඔස්ටේ්‍රලියාව Valneva නම් ප්‍රංශ එන්නතක් ගෙන්වා ගැනීමට සාකච්ඡා අරඹයි

තවත් කොවිඩ් එන්නතක් රටට ගෙන්වා ගැනීමට ඔස්ටේ්‍රලියාව ප්‍රංශය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

Valneva නම් මෙම සමාගම උණ වර්ග සහ පෝලියෝ වැනි තත්වයන් සඳහාද එන්නත් නිපදවන සමාගමක් බව සඳහන්.

කොරෝනා වෛරසයේ වෙනත් ප්‍රභේද සඳහාද මෙම ප්‍රංශ එන්නත සාර්ථකව ප්‍රතිචාර දක්වන බවටයි වාර්තා පළවන්නේ.

මහා බි්‍රතාන්‍යය විසින් දැනටමත් මෙම Valneva එන්නතේ මාත්‍රා මිලියන 100 ක් ඇණවුම් කර අවසන්.

සායනික අත්හදා බැලීම් සාර්ථක වුවහොත් ලොව පුරා මාත්‍රාවන් මිලියන 250 ක් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති එක්සත් රාජධානියේ දේශීය ස්වේච්ඡා සේවකයන් මේ වන විට එන්නතෙහි ආරක්ෂාව පරීක්ෂා කිරීමට උත්සාහ කරමින් සිටී.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »