කොවඩ් නිසා ඉතාලිය ලාංකිකයන්ට දොර වහයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන පුද්ගලයන්ට රටට ඇතුලුවීම වළක්වමින් නිකුත් කර තිබූ නියෝගය ඉතාලිය විසින් දීර්ඝ කර තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊයේ අත්සන් තබා ඇති නියෝගයට අනුව කොවිඩ් අවධානම සළකා ශ්‍රී ලංකාව – ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවලින් පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියට ඇතුලුවීමට අවසර නොදීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම එම රටවල මෑතකදී සංචාරය කර පැමිණෙන ඉතාලි පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ටද දින 10 ක නිරෝධායන කාලයකට යටත්වීමට සිදුවනවා.

එය දැඩිව අධීක්ෂණය කෙරෙනු ඇති.

මෙම රටවල් 03 හි සිට පැමිණෙන ඕනෑම අයෙකු ගුවන් ගමනට පැය 48 කට පෙර ලබාගත් සෘණාත්මක කොවිඩ් පරීක්ෂණ වාර්තාවක්ද ඉදිරිපත් කල යුතුයි.

ඉතාලියට පැමිණි වහා තවත් පරීක්ෂණයක් සිදුකරන අතර නිරෝධායන කාලය අවසානයේ තවත් පී සී ආර් පරීක්ෂණයකට මුහුණදිය යුතු වනවා.

ලබන මැයි 15 වනදා තෙක් මෙම නියමයන් බලාත්මක වන බවයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »