ඉදිරි මාස 12 තුළදී ඔස්ටේ්‍රලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අනතුරු ඇගවීමක්

ඉදිරි මාස 12 තුළදී ඔස්ටේ්‍රලියාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට රහස් බුද්ධි ප්‍රධානි Mike Burgess අනතුරු අගවා තිබෙනවා.

කැන්බරා අගනුවර පැවති කරුණු විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ සුන්නි ඉස්ලාමීය අන්ත සංවිධානයක් මෙම සැළසුම පිටුපස සිටින බවට මූලික තොරතුරු හෙළිවී ඇති බවයි.

අන්තවාදය මැඩලීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලැබූ බුද්ධි තොරතුරු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවේදීයි මෙම කරුනු අනාවරණය වූයේ.

සුදු ජාතිකත්වය පදනම් කරගනිමින් ඔස්ටේ්‍රලියාව සමග බුද්ධි තොරතුරු හුවමාරු කරගන්නා රටවල් වන අමෙරිකාව – බි්‍රතාන්‍යය – කැනඩාව සහ නවසීලන්තයද මේ පිළිබඳ දැනුවත් කර ඇතැයි Mike Burgess සඳහන් කලා.

වයස අවුරුදු 13 ත් 14 ත් අතර පසුවන ඔස්ටේ්‍රලියාවේ බොහෝ පිරිසක් කුඩා අවධියේ සිටම අන්තවාදී අදහස්වලට නැඹුරුවී ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »