Search

පොලිස් නිලධාරීන් 04 දෙනෙකු මියයන අයුරු රූගත කල පුද්ගලයාට මාස 10 ක සිර දඩුවමක්

රිය අනතුරකින් බරපතල තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් 04 දෙනෙකු මියයන අයුරු රූගත කල Richard Pusey නම් පුද්ගලයාට මාස 10 ක සිර දඩුවමක් නියම වී තිබෙනවා.

මෙල්බර්න් හි අධිවේගී මාර්ගයක නියමිත වේග සිමාව ඉක්මවා රිය ධාවනය කරමින් සටි මොහු පසුගිය වසරේදී පොලිස් නිලධාරීන් 04 දෙනෙකු විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම අවස්ථාවේදී වේගයෙන් පැමිණි වෙනත් ලොරියක ගැටීමෙන් අදාළ නිළධාරින් 04 දෙනා මරණයට පත්ව තිබුණා.

එහිදී සැකකාර Richard Pusey සිය ජංගම දුරකථනයෙන් ඔවුන් මියයන අයුරු වීඩියෝගත කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබූ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාව තුළ දැඩි අප්‍රසාදයක් මතුවී තිබුණා.

මෙම සිද්ධියට සම්බන්ධ ලොරි රියදුරාට පසුගිය දිනයකදී වසර 22 ක සිර දඩුවමක්ද නියම වුණා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »