ඔස්ටේ්‍රලියාව එපා කියූ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ගැන අමෙරිකාවත් තීරණයක් ගනී

තාවකාලිකව අත්හිටුවා තිබූ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත නැවත ලබාදීමට අමෙරිකාව තීරණය කර තිබේ.

ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එන්නතෙහි පවතින අතුරු ආබාධවලට සාපේක්ෂව එහි ප්‍රතිලාභ ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත අමෙරිකාවේ සෞඛ්‍ය සේවකයින් සඳහා නැවත ලබාදෙන බව සඳහන් වේ.

එම එන්නත ලබාගත් පුද්ගලයින් 6 දෙනෙකු තුළින් රුධිර කැටි ගැසීම් තත්ත්වයන් වාර්තාවීම හේතුවෙන් එය භාවිතය අත්හිටුවීමට ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන් විසින් පසුගියදා පියවර ගෙන තිබුණි.

ඔස්ටේ්‍රලියාව පසුගියදා තීරණය කලේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සිය එන්නත්කරණ වැඩපිළිවෙලට දායක කර නොගැනීමටයි.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »