
හෙටට යෙදී ඇති පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද පස්වරු 04 ට ආරම්භ වනවා.
එය හෙට දහවල් 12 දක්වා පැවැත්වෙනු ඇති.
අද සහ හෙට දිනවලදී සියලුම කතෝලික දේවස්ථානවලට උපරිම ආරක්ෂාවක් සළසා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

එමෙන්ම හෙට පෙරවරු 08 යි 45 ට විනාඩි 02 ක නිහඩතාවයක් අනුගමනය කරන ලෙසයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේ.
දිවයිනේ සියලු කතෝලික පාසල් සඳහා හෙට නිවාඩු ද ලබා දී තිබෙනවා.

COMMENTS