
ඔස්ටේ්‍රලියාව තුළ භාවිත කෙරෙන සියලුම කොවිඩ් මර්දන එන්නත් පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට බළධාරීන් තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසුවේ රුධිර කැටි ගැසීමකට ලක්වී 48 හැවිරිදි කාන්තාවක මියයාමත් සමග එම තීරණය ගත් බවයි.
අදාළ කාන්තාව ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගැනීමෙන් දින කිහිපයකට පසු මෙම තත්වයට ලක්ව පසුව ජීවිතක්ෂයට පත්වුණා.

මරණයට හේතුව එන්නතේ ක්‍රියාකාරීත්වය බවයි මේ වනවිට තහවුරු වී ඇත්තේ.
ඒ අනුවයි ෆයිසර් ඇතුලු ඔස්ටේ්‍රලියාව තුළ දැනට භාවිත කෙරෙන සියලුම එන්නත් පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට බළධාරීන් තීරණය කර ඇත්තේ.
