ඇස්ට්‍රා-සෙනෙකා පළමු එන්නත ගත් 50 ට අඩු ඔස්ටේ්‍රලියානුවන්ට 02 වන මාත්‍රාව ගැන දැනුම්දීමක්

වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන්ට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත දීම අත්හිටුවීමට ඔස්ටේ්‍රලියාව දින කිහිපයකට පෙර තීරණය කලා.

ඒ රුධිර කැටි ගැසීමේ අවධානම හේතුවෙනුයි.

එහි පළමු මාත්‍රාව ගත් පුද්ගලයන් දැන් මුහුණ දෙන ගැටලුව වන්නේ දෙවන මාත්‍රාව ලබා ගත යුතුද යන්නයි.

එන්නත්කරණය පිළිබඳ ඔස්ටේ්‍රලියානු තාක්ෂණික ආයතනයට අනුව නම් වයස අවුරදු 50 ට අඩු අයට වුවද අතුරු ආබාධ නොපෙන්වයි නම් දෙවන මාත්‍රාව ගැනීමේ වරදක් නොමැති බව සඳහන්.

කෙසේවෙතත් ඊට ප්‍රථම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසටද ඉල්ලීමක් කෙරේ.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »