Anzac දින සියලු සැමරුම් සඳහා අවසර

ලබන 25 දා පැවැත්වීමට නියමිත Anzac දිනය වෙනුවෙන් සිඩ්නි නුවර සංවිධාන කර ඇති ආචාර පෙළපාලිය සැළසුම් කර ඇති පරිදිම පවත්වන බව සංවිධායකයන් පවසනවා.

පුද්ගලයන් 10 000 ක් පමණ ඊට සහභාගීවීමට නියමිතයි.

කොවිඩ් තත්වය හමුවේ වුවද මෙවර Anzac දින සැමරුම් සියල්ලට අවසර දීමටයි ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන Anzac දින උත්සවය පුද්ගලයන් 5000 කගේ සහභාගීත්වයෙන් මෙල්බර්න් නුවරදී සංවිධාන වනු ඇති.

යුද්ධයේදී මියගිය ඔස්ටේ්‍රලියා යුධ විරුවන් සිහි කිරීම සඳහායි සෑම වසරකම අප්‍රේල් 25 වනදා Anzac දිනය සමරනු ලබන්නේ.

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »