ක්වීන්ස්ලන්ඩ් ආසාධිතයා හේතුවෙන් අනෙකුත් ප්‍රාන්තද නිරෝධායන රෙගුලාසි දැඩි කරයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයා හේතුවෙන් අනෙකුත් ප්‍රාන්තද නිරෝධායන රෙගුලාසි දැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආසාධිතයා සිටි ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයන්ට වහා නිරෝධායනය වන ලෙසටයි නිවු සවුත් වේල්ස් – ටස්මේනියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල බළධාරීන් ජනතාවට දන්වා ඇත්තේ.

බි්‍රස්බන් හෝ යාබද මොරිටන් බේ සිට මාර්තු 12 වනදායින් පසු පැමිණි ඕනෑම අයෙකු නිරෝධායනය විය යුතු බවයි වික්ටෝරියා ප්‍රාන්තය දන්වා ඇත්තේ.

අදාළ ආසාධිතයාට වැළඳී ඇත්තේ බි්‍රතාන්‍ය වෛරස ප්‍රභේදය බවටද අනාවරණය වී තිබෙනවා.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »