Day: March 27, 2021

ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලි මලයාලම් සිනමා පටයක

 ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සහ රංගන ශිල්පීනි පියුමි හංසමාලී මලයාලම් සිනමා පටයකට රංගන දායකත්වය ලබා දී තිබේ. Lucknow නැමැති එම සිනමා පටය අනිල් කුමාර්ගේ (Anil Kumar) අධ්‍යක්ෂණයකි. කොරෝනා වසංගතය හේතුවෙන් නතර කෙරුණු එහි අවසන් රූගත කිරීම් ඉදිරි මාසවල ඉන්දියාවේ ලක්නව් නුවරදී සිදු කිරීමට නියමිතව තිබේ. ලබන නොවැම්බර් මස 16 වැනිදා සිට එය ලොව පුරා තිරගත වීමට නියමිතය.

Read More »

සචින් ටෙන්ඩුල්කාර් ට කොවිඩ්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් ටෙන්ඩුල්කාර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ. මේ අතර ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති බව පවසා ඇත. ඔහු පවසා ඇත්තේ තමා ස්වයං නිරෝධායනයවීමට සහ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් ඇති බවය. පසුගියදා පැවැති Road Safety World Series ප්‍රවීණයින්ගේ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ද සචින් සහභාගී වී තිබුණි.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට යළිත් සංචරණ සීමා ???

බි්‍රස්බන් නුවර ආශ්‍රිතව කොවිඩ් වෛරසය ආසාධිත තවත් අයෙකු හමුවීමත් සමග පාස්කු උත්සවයට සතියකට පෙර යළිත් සංචරණ සීමා පැණවීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත බළධාරීන් සූදානම් වන බවට වාර්තා පළවනවා. පළමු ආසාධිතයාගේ මිතුරෙකුයි මෙලෙස 02 වන ආසාධිතයා ලෙස හඳුනාගෙන ඇත්තේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීමට මේ වනවිට විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මකයි. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුකාර Annastacia Palaszczuk  පවසන්නේ පුළුල් ලෙස ප්‍රජා සම්ප්‍රේෂණය පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවයි. මෙම පොකුර නිසා බ්‍රිස්බේන් සහ මෝර්ටන් බේ රෝහල්, වයස්ගත සත්කාරක පහසුකම්, බන්ධනාගාර සහ ආබාධිත සේවා සපයන ස්ථාන

Read More »

සූවස් ඇළේ නැවක් හිරවීම නිසා ලංකාවේ තෙල් හිගයක් ?????

ලොව වඩාත්ම කාර්ය බහුල නාවික වෙළද මාර්ගය වන ඊජිප්තුව ආශ්‍රීත සූවස් ඇලේ දැවැන්ත නෞකාවක් සිරවීමත් සමග මේ වන විට ලෝක ආර්ථිකයටද ක්‍රමයෙන් බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. විචාරකයින් පවසන්නේ නෞකාව කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකි වුවහොත් ලෝක වෙළදපොලේ ඉන්ධන මිලද තවදුරටත් ඉහළ යනු ඇති බවයි. මේ වන විටත් බොරතෙල් මිල ඉහලගොස් ඇති බවයි විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ. සූවස් ඇළෙහි විශාල නෞකාවක් සිරවීමත් සමග ලොව පුරා ඉන්ධන බෙදා හැරීම අඩාලවුවද ශ්‍රී ලංකාවට මෙතෙක් බලපෑමක් එල්ලවී නොමැති බව

Read More »