Day: March 27, 2021

ක්වීන්ස්ලන්ඩ් ආසාධිතයා හේතුවෙන් අනෙකුත් ප්‍රාන්තද නිරෝධායන රෙගුලාසි දැඩි කරයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයා හේතුවෙන් අනෙකුත් ප්‍රාන්තද නිරෝධායන රෙගුලාසි දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ආසාධිතයා සිටි ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයන්ට වහා නිරෝධායනය වන ලෙසටයි නිවු සවුත් වේල්ස් – ටස්මේනියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවල බළධාරීන් ජනතාවට දන්වා ඇත්තේ. බි්‍රස්බන් හෝ යාබද මොරිටන් බේ සිට මාර්තු 12 වනදායින් පසු පැමිණි ඕනෑම අයෙකු නිරෝධායනය විය යුතු බවයි වික්ටෝරියා ප්‍රාන්තය දන්වා ඇත්තේ. අදාළ ආසාධිතයාට වැළඳී ඇත්තේ බි්‍රතාන්‍ය වෛරස ප්‍රභේදය බවටද අනාවරණය වී තිබෙනවා.

Read More »

වාස් සහ ක්‍රිකට් ආයතනය අතර අවුල අවසන්

ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ උපදේශක ලෙස කටයුතු කල චමින්ද වාස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවති මතභේදය විසඳාගෙන තිබෙනවා. ඒ දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවකදීයි. මේ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගැනීමටයි චමින්ද වාස් කටයුතු කර ඇත්තේ. ඉවත්වීමට පෙර දැරූ වේග පන්දු යැවීමේ උපදේශක ධුරයේ අඛණ්ඩව කටයුතු කිරිමටද ඔහු එකගවී තිබෙනවා.

Read More »