ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ උපදේශක ලෙස කටයුතු කල චමින්ද වාස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවති මතභේදය විසඳාගෙන තිබෙනවා.
ඒ දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවකදීයි.
මේ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කර ගැනීමටයි චමින්ද වාස් කටයුතු කර ඇත්තේ.
ඉවත්වීමට පෙර දැරූ වේග පන්දු යැවීමේ උපදේශක ධුරයේ අඛණ්ඩව කටයුතු කිරිමටද ඔහු එකගවී තිබෙනවා.