සූවස් ඇළේ නැවක් හිරවීම නිසා ලංකාවේ තෙල් හිගයක් ?????

ලොව වඩාත්ම කාර්ය බහුල නාවික වෙළද මාර්ගය වන ඊජිප්තුව ආශ්‍රීත සූවස් ඇලේ දැවැන්ත නෞකාවක් සිරවීමත් සමග මේ වන විට ලෝක ආර්ථිකයටද ක්‍රමයෙන් බලපෑම් එල්ල වෙමින් තිබෙනවා.
විචාරකයින් පවසන්නේ නෞකාව කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට නොහැකි වුවහොත් ලෝක වෙළදපොලේ ඉන්ධන මිලද තවදුරටත් ඉහළ යනු ඇති බවයි.

මේ වන විටත් බොරතෙල් මිල ඉහලගොස් ඇති බවයි විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ.

සූවස් ඇළෙහි විශාල නෞකාවක් සිරවීමත් සමග ලොව පුරා ඉන්ධන බෙදා හැරීම අඩාලවුවද ශ්‍රී ලංකාවට මෙතෙක් බලපෑමක් එල්ලවී නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඔහු අවධාරණය කලේ රට පුරා ඉන්ධන හිගයක් නොමැති අතර සති 02 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත රට තුළ පවතින බවයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත මීලග ඉන්ධන නෞකා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත බැවින් ඒවාට සූවස් ඇළ භාවිත කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවද උදය ගම්මන්පිළ මහතා සඳහන් කලා.

මේ අතර ලොව පුරා ඉන්ධන සැපයුම අඩාලවීමත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ තරමක් ඉහළ ගොස් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 64 යි ශත 57 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවයි විදෙස් වාර්තා කියාසිටියේ.

කෙසේවෙතත් මේ වන විට ලැබී ඇති නවතම වාර්තාවල දැක්වෙන්නේ සූවස් ඇලේ සිරවී ඇති නෞකාව ඉන් මුදා ගැනීම සඳහා තවත් සති කිහිපයක් ගත වීමට ඉඩ ඇති බවයි.

අඩි 1,312ක් දිග අඩි 194ක් පලල මෙම දැවැන්ත නෞකාව සිරවීමත් සමග ඒ වන විට සූවස් ඇලේ යත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකා 160ක් මේ වන විට නැංගුරම් ලා තිබෙනවා.

ඒ, සූවස් ඇල, මධ්‍ය දරණි මුහුද සහ රතු මුහුදේයි. මෙලෙස නැංගුරම් ලා ඇති නෞකාවලින් බහුතරය ඉන්දන ප්‍රවාහන නෞකා වනවා.

පැනමා රාජ්‍යයේ ධඡය සහිතව යාත්‍රා කරමින් තිබු එවග්‍රීන් නම් වූ මෙම නෞකාව තුළ බහලුම් 20,000ක් අඩංගු වනවා.

එහි සම්පූර්ණ බර ටොන් දෙලක්ෂ 24,000ක් නෞකාව සූවස් ඇල හරහා යාත්‍රා කරමින් තිබියදී ඉකුත්දා සිරවීමට ලක්වූයේ වැලි කුණාටුවක් හේතුවෙන් මතුවූ කාර්මික දෝෂයක් හේතුවෙන්.

ආසියාවේ සිට යුරෝපයට භාණ්ඩ ප්‍රවාහනය කරන කෙටිම මුහුදු මාර්ගය වන්නේ සූවස් ඇලයි.

මීටර් 193කින් දිගකින් යුක්ත සූවස් ඇල හරහා ලෝකයේ බහලුම්වලින් සියයට 30ක් දිනපතා යාත්‍රා කරනවා.

සූවස් ඇල නොමැතිව කිසියම් යත්‍රාවක් යුරෝපයට යත්‍රා කරන්නේ නම් එය සිදු කළ යුතු වන්නේ අප්‍රිකාව වටා ඇති මුහුදු මාර්ගය ඔස්සේයි.

එම මාර්ගයෙන් ගමන් කරන්නේනම් සූවස් ඇල හරහා ගමන් කිරීමට ගතවන කාලයට වඩා දින 09ක් වැඩිපුර ගතවනවා.

එහිදී නෞකාවක් වැඩිපුර නාවික සැතපුම් 3,500ක් හෙවත් කිලෝ මීටර් 6,482ක් ගමන් කළ යුතු වනවා.

සූවස් ඇල යනු ලෝක භාණ්ඩ ප්‍රවාහන නෞකා ගමන පහසු කිරීම සඳහා 1859දී මිනිසා විසින් සිදු කරනු ලැබූ නිර්මාණයක් වනවා.

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »