අමෙරිකාවේ වෙඩි තැබීමකින් 10 ක් මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 10 ක් මරුට

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 10 ක් මරුට

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ සුපිරි වෙළදසැලක් තුල මීට ස්වල්ප වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සුපිරි වෙළදසැලට කඩා වැදුණු පුද්ගලයෙකු විසින් විනාඩි 20 කට ආසන්න කාලයක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

මියගිය පුද්ගලයින් 10 දෙනා අතර පොලිස් නිළධාරියෙක්ද සිටින අතර මේ වනවිට වෙඩිතැබීම සිදුකල පුද්ගලයා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේවෙතත් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇත්ද යන්න සම්බන්දයෙන් තවමත් කරුණු අණාවරන වී නැහැ.

COMMENTS