Facebook කණගාටුව පළ කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

Facebook කණගාටුව පළ කරයි

Facebook කණගාටුව පළ කරයි

ලොව පුරා බිඳ වැටී තිබූ ෆේස්බුක් සමාගමේ සියලු සේවා යථා තත්ත්වයට පත් කර තිබේ.

ඊයේ(19) රාත්‍රී 10.30 සිට පැයක කාලයක් Facebook, Messenger, WhatsApp සහ Instagram සේවාවන් බිඳ වැටී තිබුණි.

ලොව පුරා සිටින පරිශීලකයින් පැවසුවේ, අදාළ සේවාවල ඇප් එකකට හෝ වෙබ් අඩවියක් වෙත ඇතුළුවීම එම කාලය තුළ සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බවයි.

කෙසේවෙතත් මේ වනවිට අදාළ සියලු සේවා යථා තත්ත්වයට පත් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබේ.

සිදු වූ බිඳ වැටීම හමුවේ සිය පරිශීලකයින් පත්වූ අපහසුතාව පිළිබද කණගාටුව පළ කරන බව ෆේස්බුක් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ ය.

COMMENTS