ශ්‍රී ලංකා Legends, Road Safety World Series අවසන් මහ තරගයට

ඉන්දියාවේ පැවැත්වෙන Road Safety World Series 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ප්‍රවීණයන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත්තේ ලකුණු 125ක් පමණයි.

පිළතුරු ඉණිම ආරම්භ කළ ශ්‍රී ලංකා ප්‍රවීණයන් පන්දුවාර 17 යි පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චින්තක ජයසිංහ ලකුණු 47ක්ද උපුල් තරංග ලකුණු 39ක්ද නොදැවී ලබා ගත්තා.

සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 18 බැගින් ලබා ගත්තා.

Road Safety World Series 2021 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමග ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණ්ඩායම අතර ඉරිදා (21) පැවැත්වෙන්නේ මුම්බායි හිදීයි.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »