ඔස්ටේ්‍රලියාව අතහැර කැනඩාවට යන පිරිස වැඩිවන ළකුණු – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාව අතහැර කැනඩාවට යන පිරිස වැඩිවන ළකුණු

ඔස්ටේ්‍රලියාව අතහැර කැනඩාවට යන පිරිස වැඩිවන ළකුණු

තාවකාලික වීසා ලාභීන් සැලකිය යුතු පිරිසක් ඔස්ට්‍රේලියාව අතහැර කැනඩාව බලා යමින් සිටින බව නවතම දත්ත පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන ලකුණු ක්‍රමය හා නීති ක්‍රමිකව දැඩි කිරීම මෙන්ම කොරෝනා වසංගතය අතරතුරේ තාවකාලික වීසා ලාභීන් හට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉතාමත් අඩු සහන ලබා දීමත් ඊට ප්‍රධාන හේතු වේ.

තාවකාලික වීසා ලාභීන් හට ඔස්ට්‍රේලියාවට වඩා කැනඩාවෙන් උණුසුම් පිළිගැනීමක් තිබෙන බව මේ වන විට බොහෝ තාවකාලික වීසා ලාභීන් අතර කතාබහට ලක්වන කරුණකි.

තාවකාලික වීසා ලාභීන් ඔස්ට්‍රේලියාව අතහැර යාමට හේතු කිහිපයක් හඳුනාගෙන ඇති අතර ඒ අතරින් පහත ඒවා ප්‍රධාන වේ.

  • ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට ඇති ඉඩකඩ ඇහිරීම සහ ඊට සම්බන්ධ නීති දැඩි වීම.
  • වීසා ලබාගැනීමට ඉතා දිගු කලක් බලා සිටීමට සිදුවීම.
  • කොරෝනා වසංගතය පවතින කාලයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉතාමත් අඩු සහයක් ලැබීම.

(අන්තර්ජාල වාර්තා ඇසුරෙනි)

COMMENTS