Search

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට සුභ ආරංචියක්!

කොරෝනා වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකි ශිෂ්‍ය වීසා බලපත්‍ර හිමියන් හට තම පාඨමාලාව අවසානයේ තාවකාලික උපාධිධාරී (උප පංතිය 485) වීසා බලපත්‍ර සඳහා අයදුම් කිරීමට අදාල අවශ්‍යතාවයන් වෙනස් කර ඇත​.

COVID-19 සංචාරක සීමා කිරීම්වල ප්‍රතිඵ​ලයක් ලෙස ඕස්ට්‍රේලියාවෙන් පිටත වෙනත් රටක සිටින​ ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන් විසින් සිදු කරන online අධ්‍යයන කාලය ඕස්ට්‍රේලියානු අධ්‍යයන අවශ්‍යතාව සපුරාලන බවට සඳහන් වේ.

මේ අනුව​, කොරෝනා වසංගත තත්වය පවතින තාක්කල් මෙම සහනය සිසුන් වෙත ලබා දෙන බවට ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් වේ.

485 වීසා කාණ්ඩය සඳහා යමෙකු ඕස්ට්‍රේලියාවෙන් පිටත සිට අයදුම් කරන්නේ නම් අයදුම් කිරීමට ප්‍රථම​ පසුගිය මාස 12 තුළ ශිෂ්‍ය වීසා බලපත්‍රයකට හිමිකම් කිව යුතු වේ.

වැඩි විස්තර​: https://covid19.homeaffairs.gov.au/student-visa