කොළඹ දකුණු වරායේ බටහිර බහලු පර්යන්තයට ඉන්දියාවේ අදානි සමාගම එයි!

කොළඹ දකුණු වරායේ බටහිර බහලු පර්යන්තය ඉන්දියාවේ අදානි සමුහය සමග එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා.

එය වසර 35 ක කාලයක් සදහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදිමේ පදනම යටතේ මෙම යෝජනාවට අනුමැතිය දුන් බවයි කැබිනට් මණ්ඩලය නිවේදනය කළේ.

කොළඹ දකුණු වරායේ බටහිර බහලු පර්යන්තයේ සංවර්ධන කටයුතු සදහා ආයෝජකයෙකු ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකාව ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට හා ජපන් තානාපති කාර්යාලයට ඉල්ලිමක් කළේ පසුගිය මාසයේදීයි.

ඉන්දිය තානාපති කාර්යාලයේ එකගතාව මත අදානි සමාගම නම් කර ඇති අතර ජපන් රජය කිසිදු ආයෝජකයෙක් නම් කර නැහැ.

අදානි සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතායතනය ලෙස ජෝන් කීල්ස් සමාගම ද නම් කර තිබෙනවා.

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »