මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සැන් පේද්‍රෝ ගාර්සා ගාර්ෂියා නගරයේදී මෙම ප්‍රචාරක රැළිය පවත්වා ඇති අතර වේදිකාව කඩා වැටෙන අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් අල්වාරෙස් මේනෙස් ජනතාව අමතමින් සිට තිබෙනවා.

නගරයට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන් වේදිකාව කඩා වැටෙන්නට ඇතැයි විශ්වාස කරන බව සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති අපේක්ෂක මේනෙස් ප්‍රකාශ කර තිබුණා.

මිනිසුන් වේදිකාව මත සිටියදී කොටසක් කඩා වැටෙන අයුරු දිස්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන්හි සංසරණය වන අතර ජනාධිපති අපේක්ෂකයා පැමිණ සිටි ජනතාවට අත වනමින් ආරක්‍ෂිත ස්ථානයක් කරා දිව යන අයුරු එහි දිස්වෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වේදිකාව කඩා වැටීමේ අනතුරින් පසු තවත් පිරිසක් කොටු වී ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා.

මෙක්සිකානු ජනාධිපතිවරයා ද මෙම සිදුවීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති අතර ඔහු පැවසුවේ මියගිය සහ තුවාල ලැබූ අයගේ පවුලේ සාමාජිකයින්ට මෙන්ම දේශපාලන ආධාරකරුවන්ට තම ශෝකය පළ කරන බවයි.

අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින් ද ඇතුළුව මෙක්සිකෝවේ විශාල පිරිසකගෙන් මෙම අනතුරට ශෝක ප්‍රකාශ රැසක් ලැබී තිබෙනවා.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »