වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

වික්ටෝරියානු බිත්තර ගොවිපළකින් අනාවරණය වූ කුරුළු උණ දැනට ලොව පුරා ව්‍යසනයක් ඇති කරන වෛරසය නොවන බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ මෙම තොරතුරු මගින් ඔස්ට්‍රේලියාවට සෑහීමකට පත්විය නොහැකි බවයි.

වික්ටෝරියා ප්‍රාන්ත ගොවිපළේ කුකුළු පැටවුන් ගණනාවක් මරණයට පත්ව ඇති වෛරසය මීට පෙර ඔස්ට්‍රේලියාවේදී අනාවරණය වූ H7N3 වෛරසය බවටයි හඳුනාගෙන ඇත්තේ.

එක්සත් ජනපදයේ සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල මෑතදී පැතිර ගිය වෛරසය ඔස්ට්‍රේලියාවේ පක්ෂීන්ගෙන් තවමත් සොයාගෙන නොමැති බව සඳහන්.

ගොවිපල අවට ආරක්‍ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන අතර ආසාදන ප්‍රභවය සොයා ගැනීම සඳහා විමර්ශන සිදු වෙමින් පවතින බව කෘෂිකර්ම බලධාරීන් ප්‍රකාශ කළා.

කුරුළු ඉන්ෆ්ලුවෙන්සා වෛරසය එය ආසාදනය වූ සතුන් සමඟ සෘජුව සම්බන්ධ වන මිනිසුන් අතර පැතිර යා හැකි නමුත් සමස්ත මහජනතාවට පවතින අවදානම අඩු මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.

පරිභෝගිකයින් සුපිරි වෙළඳසැල්වලින් බිත්තර සහ කුකුළු මස් ඇතුළු නිෂ්පාදන මිලදී ගැනීමේදී සැලකිලිමත් නොවිය යුතු අතර ඒවා අවදානමක් ඇති නොකරන බැවින් පරිභෝජනයට ද ආරක්ෂිත බවයි දැනුම් දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවු කුරුළු උණ ආසාදිත දරුවාගෙන් ද වෙනත් අයට එය පැතිර ගොස් ඇතැයි මෙතෙක් අනාවරණ වී නොමැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කළා.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »