
බටහිර ඔස්ට්‍රේලියාවේ ඩන්ස්බරෝ වෙරළ තීරයට අද උදෑසන තල්මසුන් 100කට ආසන්න පිරිසක් ගසාගෙන විත් තිබෙනවා.
ජෛව විවිධත්ව, සංරක්ෂණ සහ ආකර්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව වෙරළ තීරයට පැමිණි තල්මසුන් යළි මුහුදට යොමු කිරීමට උත්සහ කරන බවයි වාර්තා වන්නේ.
ජනතාවට එම කලාපය වෙත ඇතුල් නොවන ලෙස ඔවුන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

සත්ව සුභසාධනය මෙන්ම මානව ආරක්ෂාවට සැමවිටම ප්‍රමුඛත්වය ලබා දෙන බවයි ජෛව විවිධත්ව, සංරක්ෂණ සහ ආකර්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් දන්වා ඇත්තේ.
තම කාර්යමණ්ඩලයේ උපදෙස් නොමැතිව සතුන් බේරා ගැනීමට උත්සාහ නොකරන ලෙස එම නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එමගින් සතුන්ට තුවාල මෙන්ම කරදරය විය හැකි බවයි දැනුම් දී තිබෙනවා.

තල්මසුන් බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් ජලයට බැස සතුන් ගිල්වා තබා ගැනීමට උත්සාහ කර ඇති බව ද සඳහන්.
කිසිදු සැලැස්මක් සහ ආරක්ෂිත විධි විධාන අනුගමනය නොකර සතුන් බේරා ගැනීමට යෑම බරපතල තත්වයක් බව දෙපාර්තමේන්තු නිලධාරීන් අවධාරණය කළා.
පසුගිය වසරේ ඇල්බනි හි චෙයින්ස් වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයට ද ගසාගෙන ආ තල්මසුන් අතුරින් 52ක් පමණ නිසි ක්‍රමවේදයකින් තොරව මුහුදට ගෙන යෑමේදී මියගොස් තිබුණා.