Search

Anzac Day නිවාඩුව නිසා සුපිරි වෙළඳසැල් විවෘතව තැබෙන වේලාවන් වෙනස් වෙයි

හෙටට යෙදී ඇති ඇන්සාක් දිනයේදී සුපිරි වෙළඳසැල් විවෘතව තබන වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Woolworths වෙළඳ සැල් ජාලය, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සියලු අලෙවිසැල් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ බොහෝ අලෙවි සැල් හෙට වසා තබන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

අනෙකුත් සියලු ප්‍රාන්තවල පස්වරු 01 සිට අලෙවිසැල් විවෘතව පවතින අතර ඇතැම් ප්‍රදේශවල සාමාන්‍ය වේලාවන්හි විවෘතව තැබීමට නියමිතයි.

Big W අලෙවිසැල් ජාලයේ ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ සියලු අලෙවි සැල් ද හෙට වසා තැබෙනු ඇති.

අනෙකුත් සියලු ප්‍රාන්තවල වෙළඳසැල් හෙට විවෘතව පවතින නමුත් විවෘතව තැබෙන පැය ගණන අඩුවනු ඇති බව සඳහන්.

Coles වෙළඳ සැල් ජාලයේ ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් සියලු ප්‍රාන්තවල හෙට පස්වරු 01 සිට අලෙවි සැල් විවෘතව පවතිනවා.

සෙසු සියලු වෙළඳසැල් ජාල හෙට දිනයේදී විවෘතව පවතින වේලාවන් පහත පරිදියි.

https://www.thenewdaily.com.au/finance/consumer/2024/04/24/anzac-day-opening-hours-2024

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »