අනෙක් නගරවලට සාපේක්ෂව සිඩ්නිහි ඉන්ධන මිල වෙනසක්

අන්සාක් දින නිවාඩුවට පෙර සිඩ්නිහි ඉන්ධන මිල අනෙකුත් නගරවලට සාපේක්ෂව පහත වැටී තිබෙනවා.

ඇන්සාක් දිනයට පෙර අනෙකුත් නගරවල තවමත් ඉන්ධන මිල චක්‍රයේ උපරිමයට ළඟා වී නොමැති අතර සිඩ්නිහි ඉන්ධන මිල වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමෙන් පසු සෙමින් පහත වැටෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේ සිඩ්නිහි පෙට්‍රල් ලීටරයක් ශත 223ක වාර්තාගත උපරිමයකට ළඟා වූ නමුත් සාමාන්‍ය මිල දැන් ශත 215.9ක් බව සඳහන්.

පිරවුම්හල්වලින් සියයට 40ක් පමණ තවමත් ලීටරයකට ශත 222.9ක් හෝ ඊට වැඩි මිලකට අන්ලීඩඩ් පෙට්‍රල් අලෙවි කරනු ලබනවා.

Sydney හි ඉදිරි සති දෙක තුන තුළ ඉන්ධන මිල ශත 195ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂිතයි.

රට පුරා සෑම අගනුවරකම ඉන්ධන මිල චක්‍රයේ නොවෙනස්ව පැවතුන ද මෙල්බර්න්, ඇඩිලේඩ් සහ හෝබාර්ට්හි ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යනු ඇති බෑවට අපේක්ෂා කරන නගර වනවා.

බොහෝ ඔස්ට්‍රේලියානුවන් මෙම සිකුරාදා නිවාඩු ලබා ගෙන එය දිගු සති අන්තයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බැවින් ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පවතිනු ඇති බව සඳහන්.

  • Sydney- 215.9 cents per litre and falling
  • Brisbane – 231.7 cents per litre and falling from top of cycle
  • Perth- 184.3 cents per litre (spiking today before falling)
  • Melbourne- 224.4 cents per litre and rising to top of cycle
  • Adelaide- 188.2 cents per litre and rising from bottom of cycle
  • Canberra- 212.0 cents per litre and stable
  • Darwin- 195.6 cents per litre and stable
  • Hobart- 205.2 cents per litre and slowly rising

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »