
වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.
මෙල්බර්න්හි දෙදරු මවක් වන ජේඩ් හොවාර්ඩ් ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටින්නේ ආත්මාරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින ළඟ තබා ගැනීම ගැන යළි සලකා බලන ලෙසයි.
මෙම ඉල්ලීම් වැඩි වී ඇත්තේ බොන්ඩායි ජන්ෂන් පිහි ඇනුම සහ සහ බැලරත්හි කාන්තාවන් තිදෙනෙකු ඝාතනය කිරීම ඇතුළුව පසුගිය මාස තුන තුළ ඔස්ට්‍රේලියාව කැළඹු සිදුවීම් රැසකින් අනතුරුවයි.

කාන්තාවන්ට ගම්මිරිස් ඉසින රැගෙන යාමට නීත්‍යානුකූලව අවසර දෙන ලෙස ඉල්ලා මෙල්බර්න්හි ජේඩ් හොවාර්ඩ් විසින් නිර්මාණය කරන ලද අන්තර්ජාල පෙත්සමකට අත්සන් 8,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
2018 වසරේදී ද කාන්තාවන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමට ගම්මිරිස් ඉසින රැගෙන යාම නීතිගත කරන ලෙස ෆෙඩරල් රජයට ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණා.

කෙසේ වෙතත්, එය ප්‍රතික්ෂේප කරන ලද අතර දැනට ආත්මාරක්ෂාව සඳහා ස්ප්‍රේ රැගෙන යාමට නීත්‍යානුකූල එකම ප්‍රාන්තය බටහිර ඔස්ට්‍රේලියාව පමණයි.