
ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝකයේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.
ඇය ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාව වෙනුවෙන් වසර 20කට වැඩි කාලයක් විශාල හඬක් නැගූ කාන්තාවක් ලෙසටයි සැලකෙන්නේ.
රොසෑනා සිදුකරන ලද බලපෑමෙන් ලෝකයේ සමරිසි කාන්තාවන්ට ජයග්‍රහණ රැසක් අත්වී තිබෙන බව ටයිම්ස් සඟරාව ප්‍රකාශ කර තිබෙනවා.

සමරිසි කාන්තාවන් සමීප ඇසුරක් පැවැත්වීම තහනම් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් ගත් තීරණ සම්බන්ධයෙන් ඇය ගොනු කළ නඩුවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඇය වෙනුවෙන් පෙනී සිටි බව එහි සඳහන්.
ඇමරිකානු විද්වතුන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතර ඇතිවූ සංවාදයක ප්‍රතිඵලයක් ලෙස 1999 වසරේදී ප්‍රථම වරට ටයිම්ස් හන්ඩ්‍රඩ් නමින් වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා ටයිම්ස් සඟරාව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එතැන් සිට වාර්ෂිකව වසරේ බලගතුම පුද්ගලයන් 100 දෙනා එළි දැක්වීමටයි ටයිම්ස් සඟරාව කටයුතු කරමින් සිටින්නේ.