ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධී අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇතැයි සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය සඳහා ලෝකයේ වඩාත්ම ලාභදායී වෙළඳපොල ලෙසට ඔස්ට්‍රේලියාව සැලකෙන අතර අයිස්වලට අමතරව කොකේන් භාවිතය ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවට අයිස් මත්ද්‍රව්‍ය සපයන ප්‍රධාන කලාපය ලෙස අග්නිදිග ආසියානු කලාපය හඳුනාගෙන ඇති අතර මේ වන විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් ඩොලර් 300ක් වැනි මිලට අලෙවි වන බව සඳහන්.

මහා පරිමාණ ජාවාරමක් ඔස්ට්‍රේලියාව තුළ සිදුවෙන අතර එය නිෂ්පාදනාගාර තුළ ඉතා සූක්ෂමව සිදුකෙරෙන බව හෙළිවී තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු සමග සිදු කළ රහසිගත සාකච්ඡාවකදී අනාවරණ වී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ඔහුට දිනකට ඇමතුම් 70ත් 80ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවයි.

ආසියානු මත්ද්‍රව්‍ය වෙළඳපොල පිළිබඳව දශකයක් තිස්සේ අධ්‍යයනය කරන ගවේෂණාත්මක වාර්තාකරුවෙකු වන පැට්‍රික් වින් පවසන්නේ අයිස් මත්ද්‍රව්‍ය වෙළඳාමේ ඉහළම තැන්වල සිටින පුද්ගලයින් චීන ජාතිකයන් වන බවයි.

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »