හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටී සිදු වූ බිහිසුණු අනතුර

මැලේසියාවේදී නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

රාජකීය මැලේසියානු නාවික හමුදාව ලුමුට් නගරයේ දී කළ පෙරහුරුවක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් ගුවනේදී ගැටී අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් කිසිවෙකුත් දිවි ගලවාගෙන නොමැති අතර හෙලිකොප්ටර්වල සිටි පිරිස එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව තහවුරු කර තිබෙනවා.

දේහයන් හඳුනා ගැනීම සඳහා ලුමුට්හි හමුදා රෝහල වෙත යවා ඇති බවයි මැලේසියානු නාවික හමුදාව සඳහන් කළේ.

සිද්ධියට හේතුව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන බව ද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එක් හෙලිකොප්ටර් යානයක පුද්ගලයන් හත් දෙනෙකු ගමන් කර තිබූ අතර අනෙක් යානයේ තුන් දෙනෙකු ගමන් කර තිබුණා.

පසුගිය මාර්තු මාසයේදී ද මැලේසියානු වෙරළාරක්ෂක හෙලිකොප්ටරයක් පුහුණු ගුවන් ගමනකදී ඇන්ග්සා දූපතට ඔබ්බෙන් වූ මුහුදට කඩා වැටුණා.

එම යානයේ සිටි නියමුවා, සහායක නියමුවා සහ මගීන් දෙදෙනකු ධීවරයින් විසින් බේරාගෙන තිබුණා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »