තහනම් වූ සිඩ්නි කැසිනෝ සමාජ ශාලාවකට කොළ එළියක්

තහනමට ලක්වු ක්‍රවුන් කැසිනෝ සමාජ ශාලාව යළි පවත්වාගෙන යෑම සඳහා යම් සාධනීය ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වනවා.

මීට වසර තුනකට පෙර මුදල් විශුද්ධිකරණය සම්බන්ධව චෝදනා ලැබීමෙන් පසුවයි එය කැසිනෝ ශාලාවක් ලෙස පවත්වාගෙන යාමට නුසුදුසු බවට දැනුම් දී තිබුණේ.

නිව් සවුත් වේල්ස් ස්වාධීන කැසිනෝ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ යළිත් එම බලපත්‍රය ලබා ගැනීමට ක්‍රවුන් සමාගම සුදුසුකම් ලබා ඇති බවයි.

කෙසේ වෙතත් එහි ක්‍රමවේද තවදුරටත් වැඩිදියුණු කිරීමට අවශ්‍ය බව කොමිසම විසින් අනතුරු අඟවා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කොමිසමේ ප්‍රධාන කොමසාරිස් පිලිප් ක්‍රෝෆර්ඩ් පැවසුවේ 2021 වසරේදී ක්‍රවුන් කැසිනෝ සමාජ ශාලාව තුල හෙළි වූ විෂමාචාර ක්‍රියා නැවත වරක් රහසිගතව සිදු කරන්නේ ද යන්න නිරතුරුව විමර්ශණය කරන බවයි.

පෙර සිදුවු විෂම ක්‍රියාවලින් මිදී ක්‍රවුන් සමාජ ශාලාව ස්ථාවර තත්ත්වයකට පැමිණීම සඳහා අඛණ්ඩ වැඩ කටයුතු සිදු කර ඇති අතර ප්‍රමිතිය ඉහළ නැංවීම සහ එහි සංස්කෘතික පරිවර්තනයක් ඇති කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ක්‍රවුන් සිඩ්නි කැසිනෝ ශාලාව නීතියට අනුකූලව ක්‍රියාත්මක කළ හැකි බවට පෙන්වීම සඳහා පසුගිය වසර 3ක කාලසීමාව තුළ නොයෙක් ප්‍රතිසංස්කරන ඒ තුළ සිදුකිරීමට පාලනාධිකාරිය මහත් ශ්‍රමයක් දරා ඇති බව සඳහන්.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »