සුපිරි වෙළඳසැල් සේවකයන් පාරිභෝගිකයන්ගෙන් ආරක්ෂා කර ගන්න අලුත් වැඩක්

නවසීලන්තයේ Woolworths සුපිරි වෙළදසැල්හි කාර්ය මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් සිදුවන හිංසන ඇතුලු ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඇඳුමේ කැමරා පැළඳීමේ නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙම කැමරා හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණ කාර්ය මණ්ඩලයට එරෙහිව සිදු වී ඇති පහරදීම් ප්‍රමාණය සියයට 75 කින් වැඩි වීමයි.

ඒ අනුව අදාළ කැමරා මෙම සතිය ඇතුලත නවසීලන්තයේ සියලුම Woolworths වෙළඳසැල් ශාඛා 191හි කාර්ය මණ්ඩලය සඳහා හඳුන්වා දෙනු ඇති.

පසුගිය වසර තුන තුළ නවසීලන්තය පුරා වූ Woolworth වෙළඳසැල්වල පහරදීම් සියයට 75 කින් සහ බරපතල පහරදීම් හා අපචාර සිදුවීම් සියයට 148 කින් ඉහළ යාමෙන් පසුව මෙම තීරණය ගෙන තිබෙනවා.

Woolworths නවසීලන්ත වෙළඳසැල් අධ්‍යක්ෂ ජේසන් ස්ටොකිල් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම පියවර මගින් වෙළෙඳසැල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තර කළ හැකි බවයි.

මෙලෙස ආරක්ෂිත කැමරා සවි කිරීම සදහා ඩොලර් මිලියන 41ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා.

මෙම නව වැඩපිළිවෙළ හරහා Woolworths කාර්යමණ්ඩල සේවකයින්ට ද තම රැකියාව තුළ ආරක්ෂාවක් ගොඩ නැගෙන අතර ඔවුන් ද මෙම යෝජනාව ඇගයීමට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »