ඉලොන් මස්ක්ගේ සාමාන්‍ය දැනීම ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමේ දර්ශන ඇතුලත් වීඩියෝ ඉවත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අගමැති ඇන්තනි ඇල්බනීස් ඉලොන් මස්ක්ට චෝදනා එල්ල කර තිබෙනවා.

ඊ සේෆ්ටි කොමසාරිස්වරයාගේ ඉල්ලීමට අනුව ට්විටර් සමාගම අදාළ වීඩියෝ ඉවත් නොකිරීම හේතුවෙන් ඒවා ඉවත් කරන ලෙසට ෆෙඩරල් අධිකරණය ඊයේ නියෝග කරනු ලැබුවා.

ෆෙඩරල් අධිකරණ නියෝගය අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කරමින් ට්විටර් ප්‍රධානියා අහංකාර ලෙස කටයුතු කරන බවටයි අගමැති ඇන්තනි ඇල්බනීස් පවසන්නේ.

සිඩ්නි ත්‍රස්ත ප්‍රහාරයේ අතිශයින් ප්‍රචණ්ඩ වීඩියෝ ඉවත් කිරීම සාමාන්‍ය දැනීම අනුව කළ යුතු ක්‍රියාවක් වන බව අගමැතිවරයා සඳහන් කළා.

ඉලොන් මස්ක් සිය පුද්ගලික ගිණුමේ අගමැතිවරයා සමච්චලයට ලක් කරමින් සත්‍යය සහ නිදහස යන වචන සහ වාරණය සහ ප්‍රචාරණය සඳහා විකල්ප මාර්ගයක් සහිත වේදිකාවක් පෙන්වන කාටූනයක් පළ කිරීමත් සමග ඇන්තනී ඇල්බනිස් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ඊ සේෆ්ටි කොමසාරිස්වරයා විසින් මීට පෙර අදාළ වීඩියෝ ඉවත් කරන ලෙසට ට්විටර් සමාගමෙන් ඉල්ලා සිටි අතර සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් එය ප්‍රතික්ෂේප කර තිබුණේ ඔහුට එවැනි ඉල්ලීමක් සිදු කිරීමට බලයක් නොමැති බව පවසමින්.

ප්‍රහාරයෙන් පසුව අදාළ වීඩියෝ ඉවත් කිරීමට Google, Microsoft, Snap සහ TikTok ඇතුළු සමාජ මාධ්‍ය සමාගම් සහයෝගයෙන් කටයුතු කළ බව කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »