Search

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව එහි ප්‍රබලතම කම්පනය රික්ටර් මාපක 6.1ක් ලෙසට සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙමගින් සිදු වූ කිසිදු දේපළ හානියක් හෝ ජීවිත හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ භූමිකම්පා 80කට වැඩි ප්‍රමාණයක් ඇති වූ අතර ඉන් ඇතැම් කම්පන හේතුවෙන් තායිපේ අගනුවර ගොඩනැගිලි ද සෙලවී ඇතැයි සඳහන්.

මෙම භූමිකම්පා බොහෝ දුරට හුවාලියන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගෙන ඇති අතර පසුගිය 3 වනදා රික්ටර් මාපකයේ ඒකක 7.2ක කම්පනයයෙන් පසු මේ දක්වා පසු කම්පන සිය ගණනක් සිදු වී තිබෙනවා.

පසුගිය 3 වනදා සිදු වූ භූ කම්පනය පසුගිය වසර 25 තුළ තායිවානයේ සිදු වූ ප්‍රබලතම භූමිකම්පාව ලෙසටයි සැලකෙන්නේ.

අද රික්ටර් පරිමාණයේ 6.1ක භූමිකම්පාවේ කේන්ද්‍රය වූයේ හුවාලියන් නගරයට කිලෝමීටර් 28 ක් දකුණින් කිලෝමීටර් 10.7ක් පමණ ගැඹුරකින් බව වාර්තා වනවා.

අනෙකුත් භූමිකම්පා රික්ටර් පරිමාණයේ 4.5 සිට 6 දක්වා වූ අතර එම සියල්ලම ද වාර්තා වී ඇත්තේ ද හුවාලියන් ආසන්නයෙන්.

තායිවානය ප්‍රබල භූමිකම්පාවලට නිරන්තරයෙන් මුහුණ දෙන රටක් බැවින් එහි ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩි නීති පවතින අතර භූමිකම්පා පිළිබඳ මහජන දැනුවත් කිරීම් ද පවතිනවා.

1999 වසරේදී තායිවානයේ සිදු වූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 2,400ක් මිය මරණයට පත්වුණා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »