ශ්‍රී ලංකන් මිලදී ගන්න ධම්මික පෙරේරාත් කැමැත්ත දෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 6 දෙනෙකුගේ නම් අනාවරණය කර තිබෙනවා.

මුදල් හා ආරථික ස්ථායිකරණ අමාත්‍යංශය නිවේදනය කළේ ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීමට කැමැත්ත පළ කර ඇති ආයතන අතරට මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරාගේ හේලීස් පී එල් සී (Hayleys PLC) ආයතනය ද ඇතුළත් බවයි.

2023 දෙසැම්බර් 31 දින වන විට Hayleys PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 51.01ක හිමිකාරීත්වය ධම්මික පෙරේරාට හිමියි.

ඊට අමතරව, AirAsia Consulting Sdn. Bhd., Dharshaan Elite lnvestment Holding (Pvt) Ltd, FITS Aviation (Private) Limited, Sherisha Technologies Private Limited, Treasure Republic Guardians Limited යන ආයතනද ඒ සඳහා කැමැත්ත පළ කර ඇති තිබෙනවා.

2023 වසරේ ඔක්තෝබර් 31 වනදා ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍ය හරහා ශ්‍රී ලංකා රජය, මුදල් අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ලිමිටඩ් හි කොටස් අත්පත් කර ගැනීම සඳහා ආයෝජකයින්ගෙන් සුදුසුකම් ඉල්ලා සිටියා.

ඊට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමේ අවසාන දිනය ඊයේ පස්වරු 2 න් අවසන් වූ අතර ලැබුණු ඉල්ලීම් විශේෂ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව විසින් සලකා බැලීමට නියමිතයි.

2023 වසරේ ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද රාජ්‍ය සතු ව්‍යවසායන් බෙදා හැරීම පිළිබඳ විශේෂ මාර්ගෝපදේශයන්ට අනුව ඒවා ඇගයීමට ලක් කෙරෙනු ඇති.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »