ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

මේ අනුව 2022 වසරේදී 1,127,758 දෙනෙකු සහ පසුගිය 2023 වසරේදී 1,437,607 දෙනෙකු වීදේශගතව ඇති බවයි පැවසෙන්නේ.

මෙම පිරිස අතරින් විදේශ රැකියා සඳහා ගොස් ඇති සංඛ්‍යාව 608925ක් වන අතර එය විදේශවලට ගොස් ඇති මුළු සංඛ්‍යාවෙන් සියයට 24ක පමණ ප්‍රතිශතයක්.

2022 වසරේදී 311,269ක් ද පසුගිය 2023 වසරේදී 297656 දෙනෙකු ද විදේශ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා.

2023 වර්ෂයේදී විදේශ රැකියා සඳහා පිටව ගිය අයගෙන් සියයට හැත්තෑවක් පමණ වෘත්තීය වශයෙන් ඉහළ සුදුසුකම් සහිත ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, නීතිඥවරුන්, ගණකාධිකාරීවරුන් ඇතුළු පිරිස් බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ කියාසිටියේ.

2023 වසරේ විදේශ රැකියා සඳහා ගිය අය අතුරින් සියයට 34ක් වයස 25ත් 34ත් අතර තරුණය කණ්ඩායම් බවද ඔහු පෙන්වා දෙනවා.

පසුගිය වසර දෙකේදී විදේශ රැකියා සඳහා ගිය පිරිසෙන් සියයට 55ක් පිරිමි පුද්ගලයන් වන අතර සියයට 45ක් ගැහැනු අය බව සඳහන්.

මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය වසර දෙකේදී නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1,824,470ක් වනවා.

ආර්ථික අගහිඟකම් සහ අපේක්ෂා භංගත්වය වැනි කරුණු හේතුවෙන් මෙම පිරිස මෙලෙස විදේශවලට ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි මහාචාර්යවරයා ප්‍රකාශ කළා.

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »