
ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.
ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලහියාන් පැවසුවේ ඊශ්‍රායලය තම අවශ්‍යතාවලට එරෙහිව ක්‍රියා කළහොත් ටෙහෙරානය ක්ෂණික සහ උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බවයි.
ඊශ්‍රායලයට තවත් වික්‍රමාන්විත ක්‍රියාවක් කිරීමට අවශ්‍ය නම් සහ ඉරානයේ අවශ්‍යතාවලට එරෙහිව ක්‍රියා කරන්නේ නම් තමන්ගේ මීළඟ ප්‍රතිචාරය ක්ෂණික වන අතර උපරිම මට්ටමින් වනු ඇති බව ඔහු අවධාරණය කළා.

ඊශ්‍රායලය සැලසුම් කර ඇති බවට සැක කෙරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් නොමැති බව ඉරාන ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
ඊශ්‍රායලය සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ අතර එහි මිත්‍ර රාජ්‍යය වන ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළේ තමන් ඉස්ෆහාන් නගරයට එල්ල වූ කිසිදු ප්‍රහාරයකට සම්බන්ධ නොමැති බවයි.

තම භූමියට ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව පැවසෙන ප්‍රකාශ ඉරානය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් කියා සිටියේ එය ඉස්ෆහාන් නගරයට ඉහළින් පැමිණි ඩ්‍රෝන යානා තුනකට පහර දීමේ ප්‍රතිඵලයක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට කිසිදු සැලසුමක් නොමැති බවයි ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේ.
මේ අතර ඉතාලියේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සඳහන් කළේ එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ආරක්ෂාවට කැපවී සිටින නමුත් කිසිදු ප්‍රහාරාත්මක මෙහෙයුමකට සම්බන්ධ නොවන බවයි.