Search

ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට තද සුළං සහ අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

අඩු පීඩන පද්ධතියක් කොරල් මුහුද හරහා ගමන් කිරීමත් සමඟයි ප්‍රාන්තය වෙත බලපෑම් එල්ල කළ හැකි තද සුළං සහ වැසි සම්බන්ධ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ.

ගිනිකොන දිග කාපන්ටේරියා බොක්ක ඇතුළු ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශවලට මෙමගින් දැඩි බලපෑම් එල්ලවිය හැකි බව සඳහන්.

හෙට වන විට, ප්‍රාන්තයේ ගිනිකොන දෙසින් මිලිමීටර් 40 සිට 50 දක්වා වර්ෂාපතනයක් ඇති වන අතර, රොක්හැම්ප්ටන් සහ බුන්ඩබර්ග් අතර මිලිමීටර් 80 දක්වා වර්ෂාපතනයක් පවතිනු ඇතැයි අපේක්ෂිතයි.

එමගින් එම ප්‍රදේශවල හදිසි ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

ගිනිකොනදිග කාපෙන්ටේරියා බොක්ක, ටවුන්ස්විල් වෙරළ, මැකේ වෙරළ, කැප්‍රිකෝනියා වෙරළ, හර්වි බොක්ක, කේගරි වෙරළ, සන්ෂයින් කෝස්ට්, මෝර්ටන් බොක්ක යන ප්‍රදේශවලට ඉරිදා තද සුළං අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරුණා.

හෙට උදෑසන වන විට උතුරු නිව් සවුත් වේල්ස් ප්‍රදේශයට තද වර්ෂාව පතිත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එල්නිනෝ කාලගුණ රටාව අවසන් බව කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කිරීමත් සමඟයි මෙම වැසි තත්වය පැමිණ ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »