ඔස්ට්‍රේලියා passports එක දෙවැනි තැනට දැමූ ශ්‍රේණිගත කිරීම

ලොව මිල අධිකම විදේශ ගමන් බලපත්‍රය හිමි රටවල් අතර මුල් තැනට මෙක්සිකෝව පත්ව තිබෙනවා.

මෙක්සිකෝව රටවල් 162කට වීසා රහිත ගමන් පහසුකම් සපයන අතර වසර 10ක සිට ලොව මිල අධිකම විදේශ ගමන් බලපත්‍රය වශයෙන් සැලකෙන්නේ එරට ගමන් බලපත්‍රයයි.

ඔස්ට්‍රේලියා විදේශ ගමන් බලපත්‍රය ලොව මිල අධිකම විදේශ ගමන් බලපත්‍ර අතර දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ ජූලි මාසයේ සිට මෙරට විදේශ ගමන් බලපත්‍රයක් සඳහා ඩොලර් 346ක මිලක් වැය වන බව සඳහන්.

මෙම මිල ඉහළ යාම සියයට 15ක මිල වැඩිවීමක් බවයි පැවසෙන්නේ.

ඇමරිකා එක්සත් ජනපද විදේශ ගමන් බලපත්‍රය ලොව මිල අධිකතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේ 3වන ස්ථානයට පත්ව ඇති අතර එය රටවල් 189කට වීසා රහිතව ඇතුළු වීමට ඉඩ සලසනවා.

නවසීලන්ත විදේශ ගමන් බලපත්‍රය 5වන ස්ථානයත්, ඉතාලි විදේශ ගමන් බලපත්‍රය මිල අධිතකම ශ්‍රේණිගත කිරීමේ 6වන ස්ථානයත් හිමි කරගෙන තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීමෙන් කැනඩාවට 7 වන ස්ථානයත්, බ්‍රිතාන්‍යයට 8 වන ස්ථානයත් හිමිව ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »