Search

වසර 70කට පසු ඔස්ට්‍රේලියානුවන්ට මහඟු අවස්ථාවක්

සෑම වසර 70 කට වරක් ඔස්ට්‍රේලියානු අහසේ පමණක් දක්නට ලැබෙන දුර්ලභ Devil Comet වල්ගා තරුව තවත් දින කිහිපයකින් දර්ශනය වීමට නියමිතව තිබෙනවා.

Mother of Dragons නොහොත් මකරුන්ගේ මව ලෙසද හැඳින්වෙන වල්ගා තරුව ප්‍රථම වරට අප්‍රේල් 22 වන දින අලුයම දර්ශනය වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ බොහෝ තරු නිරීක්ෂකයින්ට හිරු උදාවට පෙර තාක්ෂණික උපකරණ නොමැතිව කෙටි කාලයක් සඳහා වල්ගා තරුව නැරඹීමට හැකි වනු ඇති බව සඳහන්.

දුර්ලභ ආකාශ සිද්ධියක් වන මෙම වල්ගා තරුව ක්‍රියෝ ගිනි කඳු පිපිරීම් වල ප්‍රතිඵලයක් වන අතර එය එවරස්ට් කන්දේ ප්‍රමාණයට සමාන බවයි සැලකෙන්නේ.

සූර්යයාගෙන් අයිස් රත් වන විට එය වායුවක් බවට පත් වන අතර එය රාත්‍රී අහස පුරා දිස්වන නොපැහැදිලි හරිත මීදුම් තත්වයක් නිපදවන බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ බ්‍රැඩ් ටකර් පැහැදිලි කළා.

වඩාත් පළපුරුදු තරු නිරීක්ෂකයින්ට දුරේක්ෂ මගින් මාර්තු මාසයේ මැද සිට උතුරු අර්ධගෝලයේ මෙම වල්ගා තරුවේ සංසිද්ධි නිරීක්ෂණය කිරීමට හැකි වී තිබෙනවා.

වල්ගා තරුව සූර්යයාට වඩාත් සමීප වන විට එය අප්‍රේල් මැද සිට දකුණු අහස හරහා දෘශ්‍යමාන වනු ඇති.